Kadawara Yahana - ශ්‍රියා කාන්තාව නිවසට වඩම්මවා ගන්න

ශ්‍රියා කාන්තාව නිවසට වඩම්මවා ගන්න

ඔබට වාසනාව, සෞභාග්‍යය උදා කරගැනීමේ කැමැත්තක් ඇති. ඔබ පමණක් නෙමෙයි මෙලොව වෙසෙන ඕනෑම කෙනෙක් කැමති තමන්ට වාසනාව උදා වෙනවා නම්. නමුත් ඔබ උදෑසන 8 ට අවදි වී මහ රෑ 1 , 2 පමණ වනතුරු ඔහේ අවදි වී සිට මුහුණු පොතේ නැත්නම් අන්තර්ජාලයේ හෝ මොනයම් විදියකින් කාලය කා දමන කෙනෙක් නම් ඔබ මතක තබා ගන්න ඔබේ වාසනාව බොහෝ ඈතින් පවතින බව. 

ඔබ ගෘහණියක්, රැකියාවේ නියුතු පුද්ගලයෙක් නැත්නම් ඉගෙනීමේ නිරත ශිෂ්‍යයෙකු උනත් වාසනාව උදා කරගැනීමට නම් ඔබ තුල යම් කැප කිරීමක් තිබිය යුතුයි. 

අතීතයේ සිට පැවත එන මේ අතිශය රහසිගත වාසනා කෙම් ක්‍රමය අපි ඔබට කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා. සමහර නිවෙස් වලට ගියාම ඔබ ඔබටම කියනවා “පුදුම සිරියාවක් ඒ ගෙදර තියෙන්නේ කියලා”. අනික් අතට ඔබ හිතනවා අපිට තමයි මෙහෙම කියලා. නමුත් ඔබ කල්පනා කරන්න. නිවසට වාසනාව සෞභාග්‍යය උදාකරගන්න ඔබ එක දවසක් කැප උනාද කියලා. ඔබට දෙවියන් ගැන විස්වාසයි නම් ඔබේ වාසනාව ගැන විස්වාසයි නම් එක සිතින් ශ්‍රද්ධාවෙන් මේ පිළිවෙත් කරන්න. ඔබට උතුරන්නේ කිරි උතුරන්නා වාගෙයි. 


පුරාණ සෞභාග්‍යය වේද රහස් කෙම් ක්‍රමය. 

සෙනසුරාදා දවසක උදෑසන අවදි වන්න. ඔබේ නිවහන සහ අවට මිදුල පිරිසිදු කරගන්න. අනතුරුව ඔබ පිරිසිදු වන්න. අලුත් සුදු හාල් සහ පිරිසිදු එළකිරි මිශ්‍ර කිරිබතක් සාදන්න. අලුත් හාල සමග එළකිරි මිශ්‍ර වීමෙන් එන සුවදින් ඔබේ නිවසට පුදුමාකාර දේව අනුහසක් ලැබෙනවා. ඔබ විස්වාස නොකරන්නට පුළුවන්. නමුත් මාසයකින් ඔබ මේ වචන අනිවාර්යෙන්ම විස්වාස කරාවි. පිරිසුදු අලුත් බදුනක මේ කිරිබත ඔබ සෑදිය යුත්තේ හිමිදිරි උදයේ. ඔබට හැකියාවක් තිබෙනවා නම් කිරිබතට හකුරු කැබැල්ලක් සහ ගිතෙල් මිශ්‍ර කරන්න. දෙවියන් සතුටු කිරීමේ පුදුම හැකියාවක් ගිතෙල් වලට තිබෙනවා. 


ඉදුල් නොකර හදන මේ කිරිබත පිසීමෙන් අනතුරුව අලුත් මැටි පීරිසි 5 ක් ගන්න. එළකිරි මිශ්‍ර කිරිබතෙන් හැන්දක් බැගින් මේ පීරිසි වලට දමන්න. පළමු කිරි පිඩුව සම්මා සම්බුදුරජාණන් වහන්සේට පුජාකරන්න. දෙවනුව තවත් කිරි පිඩුවක් සත් පත්තිනි මෑණියන්ට පුජා කරන්න. තෙවෙනි කිරි පිඩුව මහා කතරගම දෙවියන්ටත් සතර වෙනි කිරි පිඩුව හනුමන් ආජනේය දෙවිදුන්ටත් පුජා කරන්න. පස් වෙනි කිරි පිඩුව ඔබ පුජා කල යුත්තේ ශ්‍රී ලක්ෂ්මි දෙවියන්ටයි. ඔබට හැකිනම් ඔබ බුදුන් වදින තැන බුදු පිළිමයට පහතින් ආසනයක් සාදවා මේ කිරිපිඩු තබන්න. එතනට දෙවියන්ගේ රූප තිබුනා හෝ නැතා හෝ ඔබට තිබිය යුත්තේ බුදුන්, දෙවියන් ගැන ශ්‍රද්ධා වයි. භක්තියයි. අනතුරුව මේ පුජාවේ අනුහසින් ඔබටත් ඔබගේ පවුලේඅයටත් සතුට සාමය සහ වාසනාව උදා වේවා යැයි ප්‍රාර්ථනා කරන්න. 

මේ වතාවත ඔබට හැකිනම් සතියට දින දෙකක් සෙනසුරාදා සහ බ්‍රහස්පතින්දා ඉටු කරන්න. දෙවියන්ට පුජා කිරීමෙන් අනතුරුව මේ කිරිබත නිවැසියන් සමග එක්ව ලුනුමිරිසක් සමග ආහාරයට ගන්න. කිසිම ආකාරයකින් මස් මාංශ සමග මේ කිරිබත මුසු කරන්නට එපා. 

මේ වතාවත නිතරම කරන ඔබට වාසනාව සතුට සහ සෞභාග්‍යය නිතරම ලැබෙනවා. එය අත් විදින්නට නම් ඔබ මේ පිළිවෙත කැපවීමෙන් සහ ශ්‍ර්ද්දාවෙන් මාසයක පමණ කාලයක් වත් කල යුතුයි. කිරිබත් සහ එළකිරි මිශ්‍ර කිරිබතට දෙවියන් සහ බබුන් ප්‍රිය කරන තරම ඔබ දන්නවා නම් ඔබ හැමදාම මේ පිළිවෙත කරනවා. මතක තබාගන්න මේ කුමන පිළිවෙත කරන්නටත් පළමුව ඔබ ඔබේ නිවස හා අවට පිරිසිදු කරගත යුතුයි. ඔබ පිරිසිදු විය යුතුයි. 

සිත සන්සුන්ව තබාගෙන දෙවියන් සහ බුදුන් ගැන විස්වාසයෙන් මේ පිළිවෙත මාසයක කාලයක් ඉටු කරන්න. ඔබටම දැනේවි ඔබට එළබි ඇත්තේ වාසනාවන්ත කාලයක් බව. . . .